බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    Archive

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Tuesday, October 18, 2011

    ලංකා ඊ නිවුස් සහා ලංකා නිවුස් වෙබ් වාරණය කරයි ......ලැජ්ජයි

    ක්ෂණික ප්‍රතිචාර : 
    ලංකා ඊ නිවුස් වෙබ් අඩවියටත් , ලංකා නිවුස් වෙබ් අඩවියටත් ශ්‍රි ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් දෙදෙනා විසින් නවතා දමා ඇත, ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මේ පිලිබඳ ලිපියක්ද පල කර ඇති අතර , ඔවුන් සඳහන් කරනා එක් අන්තර්ජාල සම්පාදකයෙකු තුලින් ලංකා නිවුස් වෙබ් වලටද පිවිසිය නොහැක . මේවායේ මාධ්‍ය භාවිතාවන් පිලිබඳ ගැටලු තිබිය හැක.(මා හටද බොහෝ ප්‍රශ්නාර්ථයන් ඇත )  නමුත් අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම  අසික්කිත ක්‍රියාමාර්ගයන්ය , යම් වෙබ් අඩවියකින් සිදුකරනා මඩ ගැසීමක් වේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අදාල වෙබ් අඩවි  බාධා කල හැක . නමුත් එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින්  පැවසෙන්නේ ඒ  ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බවද?? .

    දිගට හරහට අසභ්‍ය වෙබ් අඩවි බ්ලොක් කිරීම නිසා පොඩි එකෙකු වුවත් බාධක වලින් රිංගා යැමට ක්‍රමයන් දන්නා හෙයින් අදාල වෙබ් අඩවි වලට එතරම් පාඩුවක් සිදු නොවනු ඇත ,

     ( යම් හෙයකින් අදාල සමාගම් මෙසේ කරන්නේ තාක්ෂනික දෝෂකින් නම් ඒ බැව් වහා පැවසිය යුතුව ඇත )

    කියන්නට ඇති එකම දෙය නම් "ලැජ්ජයි" යන වදනයි , ඊ නිවුස් , නිවුස් වෙබ්  එරෙහිව සිටින්නේ කාටද කියා සියල්ල්ලන්ම දන්නා නිසා ලැජ්ජා විය යුත්තේ කව්දැයි අමුතුවෙන් කිව යුතු නැත

    30 comments:

    1. එකඟයි. ඇත්තටම මොවුන්ගේ මධ්‍ය භාවිතය ගැන ප්‍රශ්න මටද තිබේ. ඒ එසේ වුවත් මෙය කරනා නිසි පිලිවෙල මෙය නොවන බව කියමි.

      ReplyDelete
    2. I dont think ts bad, Government should ban the sites that have to ban.
      -Gayan

      ReplyDelete
    3. @ano(gayan) - Personally I do not recommend banning (media) and if the gov wants banning , should do it in proper legal manner, not in "backdoor" way

      ReplyDelete
    4. මටත් සෑහෙන්න ප්‍රශ්නයක් මුන්ගෙ මාධ්‍ය භාවිතය.මුන් මාධ්‍යක් නෙවෙයි මඩ සයිට් එකක්නෙ කරන්නෙ.ඔල්මොරොන්දම් සෙට් එකක්ද කොහෙද.උපුල් ජෝසප් ප්‍රනාන්දුලා ගැන්සියක් කරන එකක් වෙන්නෝන

      ReplyDelete
    5. එකක් දෙකක් වැහුවට වැඩක් නැහැ, ඕවා කොහෙන් හරි එලියට එනවා ....
      ඇත්තටම කරන්න පුලුවන් වැඩක්ද ඕක ........

      මම බලන වෙබ් අඩවියක් තමා ලංකා ඊ නිව්ස් කියන්නෙ ......

      ReplyDelete
    6. ඔහොම ප්‍රශ්නයක් මගේ අඩවියකට උනා. මීට කලකට පෙර. ටෙලිකොම් දෙකකින් යන්න බැරි උනා. මම පස්සේ සොයා බැලිමක් කරා මට දැනගන්න ලැබුනා මගේ Hosting වල ප්‍රශ්නයක් කියලා. මගේ සයිට් දාලා තියෙන Host එකේ. වෙන අයත් එයාලාගෙන් Hosting අරන් හදපු සයිට් වලත් ඔය ගැටලුව අවා. මම Hosting එකට කිව්වාම එයාලා මට වෙන සර්වරයකින් Hosting දුන්නා. ර්‍රට පස්සේ මගේ ගැටලුව විසදුනා. ඉතින් මේ ගැටලුව සමහර විට එහෙම එකක් වෙන්න පුලුවන්. නේද.

      ReplyDelete
    7. Lankawa thula wena dewal wala attha thathwaya Ratata kiyanna ada konda pana thiyana Journalist la na. Eth LeN pala karana article boru kiyala me wenakam anduwa eli pita kiyala na, mokada anduwa dananwa eyala karana gon kam LeN walin eliya lokayata idiripath wenawa kiayala......

      ReplyDelete
    8. @ඇනෝ 2 - මඩ සයිට් එකක් නම් අදාල අය නඩු දාලා රටේ ජනතාවට යතාර්ථය පෙන්නල දෙනෑක තමයි කෙරෙන්න ඕනි කරන්නේ

      @නදුන් - වෙන්න බැරි කමක් නැ ,නමුත් මේ වගේ දෙයක් උනාම සැක සහිත තත්වයක් මතුවෙන එක සාධාරනයි

      ReplyDelete
    9. මහ ව්දනා , පන්සල් හන්දිය , ඇනෝ 3 - ස්තුතියි අදහස් වලට

      ReplyDelete
    10. Lake house witharak nemei divaina lankadeepa wage papers ,Siyaluma TV channels(now including SIRASA) and FM tika redi nathuwa anduwata kadee yaddi mada godak ekka hari lankawe wenne monawada kiyala baluwe me site deken...Web sites ban karanawa kiyanne me modern cyber world eke moda wedak...every body knows how to log in to a banned site...Meka china wage democracy ekak nethi ratakda nethnam Iran wage muladarmawadi ratakda...mama hithanne e dekema mix ekak...

      ReplyDelete
    11. mayyath nowaradawaama balana site ekak...bagayak boru haa bagayak ettha kalawam karala liyanawa..eth block karapu eka nam waradi....we will raise our voice against this...

      ReplyDelete
    12. ඊ නිවුස් මාධ්‍ය භාවිතය ගැන මට නම් ගැටළුවක් නැහැ. කලින් පොඩි හරි පරිස්සමකින් ගහපු එව්වා දැන් අමු නන්නත්තාර විදිහට ගහනවා. මාධ්‍යවේදියෙකුත් අතුරුදන් වෙලා, කාර්යාලයත් ගිනි තියලා, ජීවිතාරක්ෂාවට රටෙනුත් යන්ඩ උනාට පස්සෙ ඔහොම නොකලොත් තමා පුදුමෙ.
      තල වපුරපු අයම තමයි තල නෙලන්නෙ.
      (එම මාධ්‍ය භාවිතය ගැන මම එකඟ නැහැ. නමුත් උන්ට වෙන්ඩ තියෙන හැම දේම වෙනකං ඔහේ බලං හිටපු අය දැං නැගිටලා මෙන්න මඩ ගහනෝ කියන එක මොකද්ද?)

      ReplyDelete
    13. amage redda, Parcy Raja ge pawulata mini maranda, kudu wikunanda, idam kolla kanda, rate arthiken 80% thamange palaneta ganda, parlimentuwa balu karanda, civil sewakayek wena Gota chanda campaign karanda hondayi.. kiwwama thamayi naraka... LIFT THE BAN ON ENEWS!

      ReplyDelete
    14. මමත් සිද්ධිය දැනගත්තෙ අද උදේ ඔෆීසියෙ අයිය කෙනෙක් කියල. ඇයි මේගොල්ලො අදහස් වලට නිවුස් වලට චෝදනා වලට මේතරම් භය?

      ReplyDelete
    15. චාර්මි කිව්ව එක හරි.
      අනෙක් එවුන් මොකක්ද එක හංගගෙන වෙන එකකින් කෙළින අතරෙ මුං නියම එකෙන්ම කෙළිනව එච්චරයි වෙනස.

      ReplyDelete
    16. ඕකට ප්‍රොක්සි සර්වර් 1ක් හරහා අතුලු වෙන්න හැබයි මුං ප්‍රොක්සි සර්වර් 2ක් බ්ලොක් කරලා මේක වැඩ
      http://freeproxyserver.net/index.php?q=aHR0cDovL3d3dy5sYW5rYWVuZXdzLmNvbS8uLi9TaW5oYWxh

      ReplyDelete
    17. ඊ නිවුස් බලන්න ඕනේ අය ඉන්නවා නම් මේ ලින්ක් එක පාවිච්චි කරන්න
      http://anonymouse.org/cgi-bin/anon-www.cgi/http://www.lankaenews.com/Sinhala/

      ReplyDelete
    18. ලින්ක් එක දුන්නට තෑන්ක්ස් සමීර... මේ කචල් එක ගැන දැනුම් දුන්නට බුවා උඹටත් තෑන්ක්ස්.

      ReplyDelete
    19. මේක ඇත්තටම අදාල අන්තර්ජාල සැපයුම් කරුවන් බ්ලොක් කරා කියන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවාද?.එසේ නොමැති නම් මචෝ මේක ගැන අපි මෙහෙම කතා කරලා වැඩක් නැහැ

      ReplyDelete
    20. @නිකමා - අදාල වෙබ් අඩවි තාමත් වෑඩ කරනවා නම් සහ යවත්කල් වනවා නම් , අදාල නෙට්වර්ක් දෙකෙන් යන්නත් බැරි නම් ,,, එක්කො තාක්ෂනික ප්‍රශ්නයක් නැත්නම් හිතලම බ්ලොග් කරලා . තාක්ෂික ප්‍රශ්නයක් නම් නිවැරදි වෙන්නේ නැතැ , බලමුකො

      ReplyDelete
    21. බුවා,
      ලංකා ඊ නිවුස් සයිට් එකට යන්න බැරි ලංකාවෙන් විතරද, මං දැන් මේ පොස්ට් එක කියවන ගමන් චෙක් කළා මෙහෙන් යැතාකි.

      ReplyDelete
    22. @ඔබා - ඔව් .. ඒ ඇර මේ ඇයින්ට කොරන්න පුලුවන් දෙයක් නැ , මෙහෙත් බ්ලොක් කලත් අපිත් කිසි ගින්නක් නැතුව බලනව :D

      ReplyDelete
    23. යම් රටක මානව නිදහස ( අපි කියමුකෝ මානව හිමිකම් කියලා තේරෙන භාෂාවෙන්) මනින්න පුලුවන් දෙයක් තමා මාධ්‍ය නිදහස.හැබැයි විවිධ ලෙස දුෂිත () වුණ මාධ්‍යක් සහ ඒවා පාලනය කරන රටක , ජීවිතයට නිදහස් මාධ්‍යක පහස නොලබපු , කවදාවත් නිදහස් වෙන්න ඕනකමක් නැති මිනිස්සු ඉන්න රටක ඕවා එච්චර දේවල් නෙවේ.

      ReplyDelete
    24. මේ යන්නේ කොයි පාරේ අර කෂ්ටිය ගිය පාරේ !!

      ReplyDelete
    25. නිති විරෝධි වාරණයට විරුද්ධ අදහස් දැක්වූ සියලු දෙනාට ම බොහොම ස්තුතියි !!

      ReplyDelete
    26. Now the site is down.

      ReplyDelete
    27. ඊ-නිවුස් තහනම අතේ පත්තු වෙයි! පෙරමුණේ රාළගේ අටුවාව කියවලා බලන්න

      ReplyDelete
    28. මමත් පරීක්ෂා කරල බැලුව සීන් එක , උත්තරය එතන දීල තියනව

      ReplyDelete
    29. http://www.youtube.com/watch?v=ECdGrVjDaQ0

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...