බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    Archive

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Tuesday, November 8, 2011

    හොලිවුඩ් බොලිවුඩ් සංකලනය Ra.One සහ ඒත් එක්ක බලපු චිත්‍රපටි ට්‍රේලර්ස්

    ක්ෂණික ප්‍රතිචාර : 
    කලින් ලිපියෙදි චතුරංග සහෝදරය දීපු අවවාදය නිසා , දේශපාලනේ අතැරල ලඟදි බලපු චිත්‍රපටියක් ගැනයි ලියන්න හදන්නේ . සල්ලි දිල චිත්‍රපටියක් බලත්දි දේශීයත්වයට මුල් තැන දෙන්න තරම් දේශප්‍රේමියෙක් නොවන නිසා මම නම් මුල් තැන දෙන්නෙ කැමැත්තට , ඒ නිසා ගාමිණි , කිව්වද නහි ..... ඇතුලු මගේ රසයට  මැච් නොවෙන චිත්‍රපටි අත්හැරල ගියේ  පහුගිය කාලයේ සිනමා ලෝකයේ සැහෙන්න කථා බහට ලක්වුනු Ra - One චිත්‍රපටිය බලන්න










    Ra one චිත්‍රපටිය  වගේම චිත්‍රපටියට කලින් පෙන්වන අනෙක්  ප්‍රචාරක පටිවලත්   ගත යුත්තක් තිබුන නිසා ඒ ගැනයි මේ කථා කරන්න හදන්නෙ . බොලිවුඩ් සිනමාවේ විශාලම මුදල වියදම් කරල හදපු රා.වන් ගැන ප්‍රචාරය කලේ  බොලිවුඩ් සිනමාවේ ඉහලම ගණයේ දෘෂ්‍ය ප්‍රයෝග සහ ක්‍රියාදාම අඩංගු චිත්‍රපටිය විදිහට . ඔය පහලින් තියෙන්නෙ ප්‍රචාරක පටිය .





    ඕකේ තියන වැඩ කැලි සහ ඊට වඩා හොඳ තත්වයේ වැඩ කැලිත් එකතු වුනු රා.වන් චිත්‍රපටිය ප්‍රචාරය කරපු  කාරනා වලට සම්පූර්නයෙන්ම අනුකූලයි කියල කියන්න පුලුවන් . නිවැරදි වෙන්න ඕනි තැන් එහෙම නැත්නම් දෘෂ්‍ය ප්‍රයෝග භාවිතාවේදි සැලකිලි මත් වියයුතු තැන් තිබුනත් හොලිවුඩ් සිනමා නිර්මාණයක සාමාන්‍යයෙන් දකින්න ලැබුනු ආකාරායේ ලක්ෂන මේ චිත්‍රපටියේ දකින්න තියනව , ඒ වගේම ඒකට සුපුරුදු ඉන්දියානු සිනමාවේ ලක්ෂන වෙච්ච ගීත ජවනිකා සහ නර්තනයනුත් අඩංගුයි .  නැටමු ගැයුම් විතරක් නෙවෙයි සමස්ථ කථාව , හා චරිත තුලත් ඉන්දියනු  ෆ්ලේවර් එක තියන නිසා .  හොලිවුඩ් - බොලිවුඩ් සංකලනයක් දැක ගන්න ලැබුනාය කියල  කියන්න පුලුවන් . ඊලඟට මගේ සිත් ගත්ත කාරණය තමයි චිත්‍රපටියේ  එන කොමඩි රසය . ප්‍රචාරණයේ කොතනකවත්  චිත්‍රපටිය හාස්‍යයට බර බවක්  නොකියවුනාට මුලු චිත්‍රපටියේම (පටන් අරගෙන සුලු මොහොතක ඉඳන් අවසානය දක්වාම ) හාස්‍ය අඩුවක් නැතුවම තියනව .පහුගිය කාලයේ ආපු ගොඩක් බොලිවුඩ් කොමඩි චිත්‍රපටි වල තිබුන ඔවර් ඇක්ටින් වලින් බලෙන් හිනස්සන්න ට්‍රයි කිරීමෙ වෙනුවට බොහොම ලස්සනට හාස්‍ය මතු කරන්න චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියනව . ඒ වගේම ඒ සාර්ථකත්වයට ෂාරුක් ඛාන්ගෙ  අති දක්ෂ රංගනයත් හේතු වෙලා තියනව .  කොහොම උනත් මේ චිත්‍රපටියේ රසය විඳින්න නම් හොඳම ක්‍රමය  සිනමා ශාලවකටම ගිහින් බලන එක තමයි , නැත්නම් ඉතින් රූප - ශබ්ද රසයන් දෙකම නියමාකාරයෙන් විඳින්න බැරි වෙයි

    මෙතෙක් කාලයක් මම බලපු චිත්‍රපටි අතරින් කැමතිම   චිත්‍රපටියක් වුනත් සමහර කෙනෙකුට මේක හරියන එකක් නැ , විශේෂයෙන්ම හොඳ කථාවක් තියන චිත්‍රපටි තෝරල බලන අයට සහ තාත්වික නිර්මාන හොයන අයට මේක හරි යන්නෙ නැ . හැබැයි මම වගේ  "පූර්ණ සිනමා අත්දැකීම " ගැන හිතල චිත්‍රපටි තෝරන අයට නම් ගැලපෙයි

    ද්‍රෂ්‍ය ප්‍රයෝග සමහරක තියන අඩුපාඩු ඇරුණාම ලොකුම අඩුපාඩුව තියෙන්නෙ නගර මැද්දේ කුඩු පට්ටම් වෙන ගේම් දීලත් පොලිසියේ හෝ  ජනතාවගේ අවධානය යොමු වෙන බවක් කථාවේ නැති එක . එක අවස්ථාවක දුම් රිය ඇන්ජිමක්  ස්ටේසමත් කඩාගෙන ඇවිත් නතර වෙන්නෙ මහ පාර මැද , මෙහෙම එකක් උනාම ඉතින් කොච්චර දේවල් ටිකක් වෙන්න ඕනිද සමාජයේ , ඒත් ඒ ගැන කිසිම සටහනක් චිත්‍රපටියේ නැ . ඊලඟ අවුල හෙවත් ලොකුම ගොන් පාට් එක තමයි රැජිණි කාන්ත් අරගෙන කරල තියෙන්නෙ , ඒ කැල්ලෙන් නම් සත පහකට වැඩක් නැ .  රා.වන් ගැන ලියපු විචාරකයොත් වැඩියෙන්ම චෝදනා කරල තිබුනේ චිත්‍රපටියේ තිර රචනයට . මීට වඩා හොඳ තිර රචනයකින් අර ප්‍රයෝග සහ ඇක්ෂන් වලට මීටත් වඩා වටිනා කමක් දෙන්න තිබුනාය කියල මටත් හිතෙනව .

    -----------------------------------------------------------------------

     ඒ රා.වන් ගැන කථාව , ඊලඟට එන්නෙ බලාපු ට්‍රේලර්ස් ගැන කථාව . චිත්‍රපටියක් ගියාම බලෙන්ම ඔව්ව පෙන්වනවනේ , ඒවා අතුරෙන් මගේ වඩාත්ම හිත ගත්තේ ඔය පහලින් තියන චිත්‍රපටි දෙක (ට්‍රේලරුත් ඔන්න මං දාල තියනව )

    DON 2 :



    ඩොන් චිත්‍රපටියේ පල්වෙනි කොටස බලපු අයට නම් මේ පාර කථාව යන්නෙ කොයි පැත්තටද කියල හිතාගන්න පුලුවන් ඇති , ට්‍රේලරයට අනුව නම් මට හිතෙන්නෙ ඩොන් 2 රා.වන් වලට වඩා ක්‍රියාදාම පැත්තෙන් වගේම කථාව පැත්තෙනුත් සාර්ථක  වෙයි කියල . දෙසැම්බර් 23 ඉඳන් ඕක මැජස්ටික් සිනමා එකේම පෙන්නන වලු ,  බලන්න ලැබෙන පලවෙනි චාන්ස් එකෙන්ම බලන්න තමයි හිතාන ඉන්නෙ

    MI 4 : Ghost Protocol



    මේ ගැන නම් අමුත්වෙන්  කියන්න ඕනි නැනේ , මෙකත් දෙසැම්බර් 16ද කොහෙද එනව (එක මාසෙට චිත්‍රපටි දෙකකට වියදම් කරන්න වෙයි වගේ ) . මේ  චිත්‍රපටියට අනිල් කපූර් ත් ඉන්නවාය කියල කියනව (ගරු රඟපැමක් ද දන්නෙ නැ විනාඩි දෙක තුනක ) . කොහොම උනත් ට්‍රේලරයෙන් හිතට වැදුනු ඇක්ෂන් ටික නිසා කොහොම හරි බලන්න ඕනි කියල තමයි හිතාන ඉන්නෙ ලංකාවේ පෙන්නුවොත්






    ඊලඟ චිත්‍රපටිය තමයි සුපර් 6 , ප්‍රචාරණයේදි කියන විදිහට නම් ලංකාවේ වැඩිම වියදමක් දරපු චිත්‍රපටිය .  කොහොම උනත් වේනද දකින්න තියන චිත්‍රපටි වලට නම් වඩා සිනමා කරණ ගුනයන්ගෙන් නම් සුපර් 6 ඉදිරියෙන් ඉන්න බව පේන්න තියනව . ලංකාවේ වාණිජ සිනමාවේ සාමාන්‍යයෙන් සිනමා කරන ගති ලක්ෂන වල තියන ඌණතාවයත් එක්ක මම නම් මේ උත්සාහය අගය කරනව , ලස්සන ලස්සන පසුබිම් වල ගීත ජවනිකා කියන්නෙ නම් බොලිවුඩයෙනුත් දැන් ඉවත් වෙලා යන අවුට්ඩේටඩ් සංකල්පයක් , ඒ වුනත් ඒ දේ අලංකාරව කරන්න අරන් තියන උත්සාහය අගය කරන්න ඕනි . මට හරි යන්නෙ නැති ලයින් එක තමයි දෙමල සහ මැත කාලයේ ආපු හින්දි චිත්‍රපටි සමහරක (දෙමල කොපි ) දකින්න තියන  ඇක්ෂන් කොටස්  සුපර් 6 එකෙත් තියන එක . හැබැයි ඉතින් මම අකමැති උනාට ඒවාට කැමති රසික පිරිසකුත් ඉන්නව . අනික් අවුල තමයි රඟ පැම .පුබුදු චතුරංගත් , සුනෙත් චිත්‍රානන්දත් තමයි ට්‍රේලරයට අනුව නම් හරි රඟපැමක් කරන්නේ . කොයි හැටි වෙතත් මේකත් බලන්න තමයි ඉඩ කඩ වැඩි




    ඊලඟ එක තමයි මාතා චිත්‍රපටිය , සිනමා ශාලාවේදි නම් දැක්කෙ ඔය දාල තියන එකට වඩා සම්පූර්ණ එකක් වගෙ තමයි මතක , කොහොම උනත් ප්‍රවීන සින්මා කරු බුඩි කීරිතිසේන සිනමා කරුවෙක්ගේ නිර්මාණය තව කවුරුන් හෝ හදන නිර්මාණයකට වඩා වෙනස් වෙන ආකාරය මනාව පෙන්නල තියනව ප්‍රචාරක පටයෙන්ම . විශේෂයෙන්ම දෙමල ජාතිකයින්ගෙ මානුෂීය බැඳිමක් එක්ක ත්‍රස්තවාදයෙ කුරිරු බව විග්‍රහ  කරන එක ඉතාමත් වැදගත් , මාතා ට්‍රේලරයේ මගේ වැඩියෙන්ම හිත් ගත් කොටස් මේ උඩින් තියන ට්‍රේලරයේ නම් නැ සම්පූර්ණ වර්ශන් එකට ලින්ක් එකක් තියන කෙනෙක් පල කරනවා නම් සතුටුයි . මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඉන්න චිත්‍රපටියක්

    30 comments:

    1. ඇමෙරිකන් කාරයන්ගෙ ලොකු කම් යන්න මෙහෙම දේවල් කරල බලන්න ඕනෙ...නැත්නම් ඇමරිකන් කාරය හිතන් ඉන්නෙ උන්ට විතරයි කරන්න පුලුවන් කියල

      ReplyDelete
    2. මටත් රා වන් නම එච්චරම අවුලක් නැහැ..දිරවාගන්න පුළුවන් මට්ටමක තියෙනවා..ඔයා දාපු ට්‍රේලර් සෙට් එකේ ෆිල්ම්ස් නම් බලන්න යන්න වෙන සින් එකක් තමා තියෙන්නේ...හිතට ඇල්ලුවා :)

      ReplyDelete
    3. බලන්න යන්න හිතාගෙන ඉන්න සිනමා පටයක්... ප්‍රබන්ධ ඝණයට එන එකක් වගේ...එක සින්දුවක් තියෙනවා මම ආස...බලමුකෝ එහෙනම්...

      mission Impossible 4 නම් බලන්න ඕනෙමයි

      ReplyDelete
    4. රාවන් රිලීස් කරපු දවසෙම අහම්බෙන් බලන්න පුළුවන්කමක් ලැබුණා. කොල්ලුපිටියෙ මිනි එකේ සවුන්ඩ් නම් එදා මාර සවුත්තුයි. කලින් ගිහින් නැති නිසා වෙනදටත් එහෙමද කියන්න දන්නෙ නෑ.

      චිත්‍රපටියත් ලොජික් වලින් බලන්න ගියොත් පට්ට අවුල්. ඒ වගේම ඒක ඔය කතාව ඇතුලෙම තවත් හොඳට කරන්න තිබුණා පිටපත කාල නැත්නම්. මොනව වුණත් සංගීතයෙන් කවදත් වගේ උපරිමයි. රජිනි කාන්ත්ගෙ කෑල්ල වැඩක් නම් නැති වුණාට ඒකෙන් මම හොඳ තෘප්තියක් ලැබුවා...

      ReplyDelete
    5. අඩේ... බුවා පිචර් බලන්නත් යනවද? සිස් තර්ටි සෝ එක වෙන්නෑ බැලුවෙ. හොඳා...හොඳා...

      ReplyDelete
    6. @sanoj - අභියෝග කරන එක ලේසි නැ තාක්ෂනික පැත්තෙන් , හැබැයි සංගීතය සහ එමෝශනල් පැත්තෙන් නම් බොලිවුඩය සැහෙන්න හොඳයි

      චම්මා- බලමු බලමු , කෝකටද වැඩිය්ම කැමති ?

      @දිල් - බලන්න බලන්න , විද්‍යා ප්‍රබන්ධ ගනයට තමයි අයිති , ඒත් ඒ පැත්ත්ට තියන බර අඩුයි කොහොමටත් රසවත් චිත්‍රපටියක්

      @හරේ-කොහොමටත් සුපර් හිරෝ චිත්‍රපටි වල ලොජික් අවුල් නේ , මෙකේ ටිකක් වැඩිපුර අවුල්නේ , ඒව අමතක කරල රසවිඳින්න හැකියාව තියෙයි ,මම මැජෙස්ටික් බැලුවෙ ඒකේ නම් සවුන්ඩ් පට්ට

      @ඔබා - නැතුව නැතුව , හැබැයි මැජස්ටික් එකේ 6.30 ශෝ එකක් නැ

      ReplyDelete
    7. "සල්ලි දිල චිත්‍රපටියක් බලත්දි දේශීයත්වයට මුල් තැන දෙන්න තරම් දේශප්‍රේමියෙක් නොවන නිසා මම නම් මුල් තැන දෙන්නෙ කැමැත්තට "

      හේ හේ මමත් එහෙම තමයි. රා වන් එකේ කතාව කියල තිබුන නැති එක නම් ලොකු දෙයක්. නැත්නම් බලල වැඩක් නැහැ. Don 2 එක නම් ආපු ගමන් බලනවා

      කළු පූසා

      ReplyDelete
    8. අඩේ... ෆිල්ම් සෙට් එකම හොදයි වගේ...

      හින්දි ෆිල්ම් වලට මගේ වැඩි කැමැත්තක් නැ. ඔනවට වඩා සිංදු,නැටුම් තිබුනම මට විකාරයි වගේ....

      ReplyDelete
    9. මාතා එකේ වීඩියෝ කොලිටි මදි වගේ(ටෙලියක් වගේ).සවුන්ඩ්ස් හරිත් නැ.තාක්ෂණික පැත්තෙන් හුගක් අඩුපාඩු තියෙනවා වගේ.

      අපරාදේ... හුගක් මහන්සි වෙලා හදලා තියෙනවා. :(

      ReplyDelete
    10. හින්දි ෆිල්ම් වල ලොකුම අවුල තමයි වටේට අනන් මනන් පිරෙව්වට මැද හිස් වීම. ජීවයක් නෑ. මං ට්‍රේලර්ස් වලට රැවටිලා ඒ වගේ ෆිල්ම්ස් බලල බැන බැන ඇවිත් තියනව. ගොඩක් ඒවගෙ සංකල්ප හොඳ උනාට තිරරචනයෙන් වැඩේ නානව. එහෙම නැති හොඳ ෆිල්ම්ස් ගොඩක් අඩුයි(තාත්වික වෙන්ඩ ඕනෙ නෑ).
      බුවාගේ විස්තරේ අනුව මේක බලන්ඩ හිතුනා.

      ReplyDelete
    11. හින්දි ෆිල්ම් වල ලොකුම අවුල තමයි වටේට අනන් මනන් පිරෙව්වට මැද හිස් වීම. ජීවයක් නෑ. මං ට්‍රේලර්ස් වලට රැවටිලා ඒ වගේ ෆිල්ම්ස් බලල බැන බැන ඇවිත් තියනව. ගොඩක් ඒවගෙ සංකල්ප හොඳ උනාට තිරරචනයෙන් වැඩේ නානව. එහෙම නැති හොඳ ෆිල්ම්ස් ගොඩක් අඩුයි(තාත්වික වෙන්ඩ ඕනෙ නෑ).
      බුවාගේ විස්තරේ අනුව මේක බලන්ඩ හිතුනා.

      ReplyDelete
    12. @කලු පුසා - එල එල .. මම කථාව දාල චිත්‍රපටි ගැන කියන්න කැමති නැ , මොකද එතකොට බලන මනුස්සයගේ ඒසය විනාශ වෙනවනේ

      @කේ.සී - මේ ට්‍රේලරය නම් අවුල් , හැබැයි සිනමා ශාලාවේ පෙන්නුව එක නම් සැහෙන්න හොඳයි . බලමු ලංකාවේ චිත්‍රපටි අන්තර්ජාලය හරහා ප්‍රචාරණය කරන්නේ නැනේ හරියට , මට නම් නැටුම් අවුලක් නැ කථාවට ගැලපෙන්න දානව නම් කොහෙන් හරි ඔබන්නෙ නැතුව

      @චමිල - තිර රචනයෙන් නාන ෆිල්ම් සැහෙන්න තියෙයි තමයි , හැබැයි සාමාන්‍ය්යෙන් යාශ් - රාජ් සමාගමේ චිත්‍රපට සහ තවත් අධ්‍යක්ෂල කිහිප දෙනෙක්ගෙ චිත්‍රපටි තියනව නියමෙට කරපු , රා-වන් එකෙත් ස්ක්‍රිප් එක තමයි අවුල , ඒ නිසා සමහර විට රා-වන් ඩිවිඩි රිප් එකක් බාගෙන බලන්න තියල ඩොන් 2ම බලමු (බොලිවුඩ් රසිකයෙක් වුනු මට හරි ගියාට , චමිලට රා-වන් හරියයිද දන්නෙ නැ ) . මම හෝල් එකේ ගිහින් බලපු හින්දි චිත්‍රපටි වලින් බැන බැන ආපු ෆිල්ම් එක තමයි "ඩූම් 2" බලල ඉවර උනාම හිතුනේ "අය්යෝ සල්ලි " කියල විතරයි

      ReplyDelete
    13. රා වන් කොපියක් කියලා හිතෙන්නේ නැද්ද..?

      ReplyDelete
    14. @ගොල්ඩ් ෆිශ් - කන්සෙප්ට් එක නම් මම මීට කලින් වෙන ෆිල්ම් එකක දැකල නැ , ඒ වගේම ඉන්දියානු සංස්කෘතික ලක්ෂන තියන චරිත කොහෙන් කොපි කරන්නද . ඇක්ෂන් සීන් නම් චිත්‍රපටි ගොඩකින් කොපි කරපුවා තමයි . සමහර ඒවා 1978 චිත්‍රපට වල තිබුන ඒවායින් ගත්ත කන්සෙප්ට් ලු !

      ReplyDelete
    15. චිත්‍රපටි සහ රූප පෙට්ටිය ගැන මගේ දැණීම බින්දුවයි.

      ReplyDelete
    16. මගෙ අවංකම හැඟීම කියනවා නම්, බුවා දේශපාලනය පොඩ්ඩක් අතෑරලා සිනමාවට ගිය එක ගැන මට හරිම සතු‍ටුයි. මට දේශපාලනය කොච්චර අරහං ද කියනවා නම් මම දෙශපාලනය, ඒ ගැන බ්ලොග් ලියන බුවාල වගෙ අයටම දීලා වෙන හැම දෙයක් ගැනම ලියනවා. මගෙ ඉංග්ලිෂ් බ්ලොග් එකේ පළවෙනිම ලිපියෙත් මම ඕක කියලා තියෙන්නෙ.

      දැන් බුවා කියයි හැම දේම, කොටින්ම තේ කෝප්පෙත් දේශ පාලනය තියෙනවා කියලා. ඇත්ත. නමුත් කලින් කිව්ව වගෙ මට දේශපාලනය අරහන්. මම ඔය කොයි කාටත් චන්දෙ දීලා ඒ හැම වතාවෙම පාසුතැවිලා තියෙනවා.

      ඒ වගෙම බුවාගෙ සමහර දෙශපාලන ලිපි ඇත්තවම මම රස වින්දා. උදා: අර ගඩා‍ෆි අංකල්ට ලියපු ලියුම. බුවාගෙ තව තවත් මේ වගෙ ලිපි කියවන්න මග බලාගෙන ඉන්නවා. මේ මගෙ අවංක හැඟීම.
      henryblogwalker the Dude

      ReplyDelete
    17. බලපු ෆිල්ම් ගැන මේ වගේ සටහන් තියෙන එක බොහොම වැදගත්. විශේෂයෙන්ම සමබරව අදහස් දැක්වීම. මාත් ඔය දාල තියෙන ඒවායින් දෙක තුනක් බලන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉස්සරහට.
      මාතා ට්‍රේලර් එකට අනුව නම් ෆිල්ම් එක හොඳයි කියල හිතෙනවා. කොහොමවුණත් ඒක තවත් ගාමණී එකක් නොවුණොත් නම් ලොකු දෙයක්.

      ReplyDelete
    18. එම් අයි බලනවද ඩොන් බලනවද කියල තාම තීරණයක් නෑ. හුඟක් වෙලාවට එම්
      අයි 4 වේවි.

      ReplyDelete
    19. Mi නම් මගෙත් ෆේව් !!! Ra.One එකත් බලන්න ඕනේ... අනෙක් ට්‍රේලර්ස් ටිකත් මරු...

      බුවා මචං... මං කිව්ව නිසා විචාරෙම දාන්න එපා... ලොකු මහත්තයට වදින්නැති වෙන්න වෙනදා වගේ ලියමු... නැතුව ඉතින් බලන්න පුළුවන් බ්ලොගේකුත් නෑ නේ !

      ReplyDelete
    20. මහ වෙදනා -රූප පෙට්ටියේ ලංකාවට අදාල එව්වා නම් අපි බලන්නෙත් නැ

      @ Dude - බොහොම ස්තුතියි ප්‍රතිචාරයට , මේවගෙ එව්වත් ලියන්න තමයි හිතාන ඉන්නෙ ඉස්සරහට , ඔයා විතරක් නෙවෙයි ලංකාවේ ගොඩ දෙනෙකුට දේශපාලනය අරහං , අපේ නායකයින්ට පින් සිද්ධවෙන්න

      @උදාර - බොහොම ස්තුතියි , මාතා ගාමිණි එකක් නොවේ කියලයි මම හිතන්නෙ බලමු !

      @පොඩිගමය - මම නම් දෙකම බලන්න තමයි හිතාන ඉන්නේ , සංගීතය සහ ෂාරුක් ඛාන් කියන කාරණා දෙක නිසා ඩොන් පැත්තට බර වැඩියි

      @චතුරංග - බලමු බලමු , ජාති දෙකම ලියන්න ඕනි , තාම බ්ලොග් ලියාපදිංචි කරන්නය කියල කිව්වෙ නැනේ ..හික්ස්

      ReplyDelete
    21. රජිනිකාන්ත් කරන්නේ චිත්තරපටියක් මැද තව චිත්තරපටි ඇඩ් එකක්. මේක බලන්න: http://en.wikipedia.org/wiki/Chitti_Babu_(character)

      මෑන්ගෙ Enthiran කියන ෆිල්ම් එකේ චරිතයක් නෙව ඔය. Fictional Universes overlap වෙන සීන් හොලිවුඩ් වලත් තියනව නෙ. නියමෙටම කරපු එක තමයි මම හිතන්නෙ Aliens + Predator = Aliens Vs. Predator එක.

      මේක මේ එක සීන් එකක් විතරයි නෙ.

      ReplyDelete
    22. බුධා සහෝ ෆිල්ම් එක බලලා ඒ කියන්නේ , මොකක්ද අදහස . රැජිණි කාන්ත් කියන්නේ මම අකමැතිම ඩයල් එකක්

      ReplyDelete
    23. @බුවා: ඔවු මේ පොඩි අදින්නාදානා පාරක් දාලා බැලුවා. ;)

      ෆිල්ම් එක නං ඉතිං අවුලක් නෑ. මිස්ටර් බීන්, මේට්‍රික්ස්, ස්පයිඩර්මෑන්, අයන් මෑන් සහ තවත් කිහිපයක්ම එකම වලහෙක් යටිං බැලුවා. :P

      මමත් රජිනිකාන්ත් eelamist කෙනෙක් නිසා පෞද්ලිකව කැමති නෑ වගේම චිත්තරපටි වල ගොං පාට් වලටත් කැමති නෑ. Enthiran එකේ trailer එකක් බලලා වමනෙට ආවා!

      ReplyDelete
    24. //සංගීතය සහ ෂාරුක් ඛාන් කියන කාරණා දෙක නිසා ඩොන් පැත්තට බර වැඩියි

      සංගීතය සහ ෂාරුක් ගැන කියා ඇත්තේ බොරුවටය. මෙය බුවාගේ බ්ලොග් අවකාසයේ ඩොන්(පොර) මානසිකත්වය නිසා සිදුවන්නකි. :P

      ReplyDelete
    25. @බුධා - මට නම් ඊලාම් වාදි කම විතරක් නෙවෙයි පොරගේ පෙනුමයි , රඟපැමයි හරියන්නෙත් නැ , අදින්නා දානා වර්ශන් එකෙන් නියම ආතල් එකක් ගන්න පුලුවන්ද . මම නම් අදින්නා දානා පාර දාන්නේ ඩිවිඩි රිප් එකකට තමයි හොලිවුඩ් හරි රා වන් වගේ එකක් නම් බ්ලු රේ එකකට :D

      @පොඩිගමය - ඔව් ඒක තමයි හේතුව :P

      ReplyDelete
    26. බුවාට ස්තූතියි........!!

      ReplyDelete
    27. ra one කියන්නෙ මගේ ජීවිතේ බලල තියෙන අජපල්ම film වලින් එකක්, අනිත් bollywood films වලින් ඇති එකම වෙනස හොන්ද CGI තියෙන එක විතරය්. වෙන bollywood films වල වගේම තිර රචනය දුර්වලය්, character development එකක් නැහැ, කතාවට කිසිම සේවයක් කරන්නෙ නැති දර්ශන සහ විහිලු වලින් පිරිල. වානිජ සිනමාව සම්භාව්‍ය සිනමාව කියල දෙකක් නැහැ, තියෙන්නෙ හොන්ද සිනමාව සහ නරක සිනමාව කියල දෙකක් විතරය්. වානිජ සිනමාව කියන්නෙ කුනු චිත්‍රපටි සාධාරනීකරනය කරන්න පාවිච්චි කරන වචනයක් විතරය්, චිත්‍රපටියක් drama genre එකට අය්ති නොවුනු පලියට ඒකෙ තේරුම ඒ චිත්‍රපටියට හොන්ද තිර රචනයක් හොන්ද රඟපෑම් තියෙන්න ඕන නැහැ කියන එක නෙමෙය්, උදාහරනෙකට inception ගන්න, action scenes ගොඩය්,ඒ උනාට රඟපෑමෙනුත් තිර රචනෙනුත් අති විශිශ්ටය්. super six කියන්නෙ අපි ආඩම්බර වෙන්න ඕන දෙයක් නෙමෙය්, අලුත් දේකුත් නෙමෙය්, වෙනද වගේම bollywood කොපි කරල, ලස්සන දර්ශන ටිකක් තිබ්බට හොන්ද ච්ත්‍රපටියක් වෙන්නෙ නැහැ මටනම්. inspiration එකක් ගත්තට කමක් නැහැ ප්‍රමිතියක් තියෙන චිත්‍රපටි කර්මාන්තෙකින්, bollywood වලින් අපි ඉගෙනවන්නව කියන්නෙ නිකන් අන්ධයෙක්ගෙන් පාර අහගන්නව වගේ, bollywood කියන්නෙ කිසිම ප්‍රමිතියක් නැති, hollywood හරි නැත්තන් korean films වල story එක හොරකන් කරල ඒකට නැටුම් ටිකක් දාල තනිකරම මෝඩ ආතල් දෙන film.

      ReplyDelete
    28. @පිසාචයා - :)

      @ඇනෝ - සිනමාව ගැන අදහස් පුද්ගලයා අනුව වෙනස් වෙනවනේ , ස්තුතියි අදහසට

      ReplyDelete
    29. "රා වන් කොපියක් කියලා හිතෙන්නේ නැද්ද..?" ඔව්, heart එක තනිකර iron man එකෙන් කොප්ප ගහල තියෙන්නෙ, ඒ වගේමය්. story එක Tron Legacy, Terminator වලට සමානය්.

      ReplyDelete
    30. මේ ගෝල්ඩ් ෆිශ් ගේ ප්‍රශ්නෙට උත්තර දීල තියෙන්නෙත් බොලිවුඩ් විරෝධී කලින් ඇනෝමද , ?

      ඔය විතරක් නෙවෙයි හැම action sequence එකක්ම කලින් ආපු ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වලින් ගත්තුව කියලත් කියනව ,

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...