බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Wednesday, December 28, 2011

    2011 වසරේ මගේ හිතට වැදුන සින්දු - එන්න ගීත අහන්න , අදහස් කියන්න

    ක්ෂණික ප්‍රතිචාර : 
    අවුරුද්දක් ගතවෙලා අවසන් වේගන එනකොට ආදාල කාලයේදි කරපු දේවල් ගැන හැරිල බලන එක සමහරක් දෙනෙක්ගේ පුරුද්දක් . මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් . මහා වැදගත් දෙයක් නොවුනත් අපි කාගේ කාගේත් ජීවිත වල දකින්න තියන දෙයක් . ඒ තමයි මේ වසරේදි මම අහපු , හිතට වැදුනු සහ මතකයේ රැදුණු ගීත . ගීත රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් වුනත් මම  ගීත එකතුව ගැන අනික් අයගේ අදහස් දැනගන්නත් , මඟ හැරුණු ලස්සන ගීත දැන ගන්නත් එක්ක පොඩි සාක්ච්ඡාවක් ඇති කරගන්න එකයි බලාපොරොත්තුව . හැමගීතයකටම වගේ අදාල විඩියෝ පටි කැල්ලකුත් දාල තියෙන්නෙ කලින් අහල නැති කෙනෙක් වෙනුවෙන් . විඩියෝ පටි ටික නිසා ලිපිය ලෝඩ් වෙන්න නම් ටිකක් කාලය ගතවේවි


    සිංහල ගීත 


    01) මේ වසරේ මුල් කාලයේම වගේ අහපු අද දක්වාත් බොහොම ආසාවෙන් අහන සිංහල ගීතයක් තමයි "සිංහාවලෝකනය" චිත්‍රපටියේ . මතකද හැන්දැවේ කියන ගීතය . මේක හැම කෙනෙක්ම වගේ අහල ඇති . බොහොම නිස්කලංකව අහගෙන ඉන්න අපුරු ගීතයක් කියලයි මට හිතෙන්නෙ .ගායනා කරන රුවන් හෙට්ටිආරච්චිත් රයිනි චතුරිකාත් තමන්ගෙ උපරිමය ගීතයට දීල තියනව





    02) ඊලඟට  බොහොම ප්‍රිය කරන ගීතයක් තමයි භාතිය සන්තුෂ්ලාගේ "දේදුන්න සේදී" ගීතය . ගීතයේ තනුවට , පදමාලාවට වගේම රූප රාමුවටත් බොහොම ආසයි . මේ ගීතය වගේම භාතියලගේ සරා සිහින ඇල්බමයේ බොහෝ ගීත  මේ වසර පුරාවටම රසවින්ඳාය කියල කියන්න පුලුවන් . කැමතිම ලාංකීය ගායකයා කියන ප්‍රශ්නයට මගේ එකම පිලිතුර වෙන්නෙ භාතිය සන්තුෂ් වීමත් සමහර විට ඒකට හේතුවක් වෙන්න ඇති






    03) ඊලඟට මම සටහන් කරන ගීතය නම් මම හිතන්නේ සැහෙන්න පරනයි , යූ ටියුබයේ 2010 වසර කියලයි පෙන්වන්නේ . කොහොමින් හරි අහම්බයකින් වගේ  මට ඇහුනේ මේ වසරෙදි . ඒ ශිහාන් මිහිරංගගේ "පෙරදා මැවු" සිනා ගීතය .මේ වසරේ ගීත අතර විතරක් නෙවෙයි මගේ සිත්ගත් මුලු ගීත ලයිස්තුවෙත් ඉහලම ඉන්න ගීතයක්








    බටහිර ගීත 




    04) බටහිර ගීත ගැන කථාවේදි මුලින්ම එන්නෙ අරාශ් ගේ Broken Angel  ගීතය . ඇත්තට අරාශ් කියල කෙනෙක් ඉන්නව කියල  මම දැනගත්තෙත් ඔය ගීතයෙන් . ඔය ගීතයට වගේම විඩියෝවටත් මම බොහොම ආසයි , ඔය ගීතයෙන් හඳුනාගත්තා අරාශ්ගේගේ බොරො බොරො ගීතය ඇරුණාම වෙනත් කිසිම ගීතයක් කලින් අහල නොතිබුන නිසා ඒවා හොයාගෙන ගිය ගමනෙදි මුනගැහුන බොහොමයක් ගීත වල රසයක් තියනවාය කියල හිතෙනව . එයින් එකක් තමයි ට පහලින් තියෙන්නෙ Temptation ගීතයේ රුසියානු වර්ශන් එක







    05) ඊලඟ ගීතය ජෙනිෆර් ලෝපෙස් සහ පිට්බුල් ගායනා කරන On the Floor ගීතය මේ ගීතයට පදනම් වෙච්ච මුල් ගීතයේ තනුවටත් මම සැහෙන කෑමතියි . පහලින් දාල තියෙන්නෙ ඒ ගීතයේ සජිවි සංදර්ශනය විඩියෝවක්







    06) ඊලඟට ගීතය වෙන්නෙ පිට්බුල් , නායර් සහ මොහොම්බි ගේ එකතුවෙන් නිපදවුනු suvamenthe  ගීතය . මේ වසරේදි අහපු ලස්සනම ගීතයක් කියල කියන්න පුලුවන් . මේ ගීතයේ පිට්බුල්  ස්පාඤ්ඤ භාෂාවෙන් කරන  රැප් කොටස කාලයකින් අහපු කැමතිම රැප් සංගීත කණ්ඩයක්







    07)ඊලඟ ගීතයටත් පිට්බුල් සම්බන්ධයි , මෙහෙම ගියාම කට්ටිය හිතයි මූ අහන්නේ මේ තට්ටයගේ ඒව විතරද කියල . එහෙම එකක් නැ ඇත්තටම . කොහොම වුනත් වඩාත් ජනප්‍රිය රැපර්ස්ලාට වඩා පිට්බුල් හාදයට මම කැමතියි . ඒ වගේම මොකක් හරි එකකින් පොරගේ  දායකත්වය තියන ගීත තුනක්ම මේ වසරෙදි හිතට වැදුනා . මේ ගීතය මාක් ඇනතනි එක්ක කියපු Rain over Me ගීතය






    08)කම්ල්ජීත් සිංග් ජූති නොහොත් ජේ ශෝන් කියන ගායකය ගැන දැනගත්තෙත් මේ අවුරුද්දෙදිම තමයි . ඒ මගේ ඥාති සහෝදරයෙක්ගේ මාර්ගයෙන් (පිට්බුල් ගේ ට්‍රැක් සමහරක් මට හඳුන්වලා දුන්නෙත් පොරම තමා ) . ජේ ශෝන් ගේ හැම ගීතයකටම කැමති නැතත් Ride it  සහ down  ගීත වලට බොහොම කැමතියි එයින් Ride it ගීතයේ හින්දි වර්ශන් එක මේ වසරෙදි අහපු තවත් සිරාම කූල් ගීතයක්(ගීතය පරන වුනාට ඇහුවේ මේ අවුරුද්දෙදි  )






    09) ඊලඟ ගීතය (ඇත්තෙන්ම කිව්වොත් මේ ලියන්නෙ මතක් වුනු පිලිවෙල ) Nickel Black සංගීත කණ්ඩායමේ When we stand together ගීතය සංගීතය  ගායනය වගේම අර්ථයත් ඉතාම ඉහලයි . මේ වසරෙදි අහපු හොඳම ඉංග්‍රිසි ගීතය කිව්වොත් නිවැරදියි






    10) ඊලඟ ගීතය Avril Lagvine ගේ wish you were here  ගීතය , මේකත් ඉතාම කැමති ගීතයක් මේ වසරේ අහපු . ගායනය වගේම සංගීතයත් බොහොම කැමතියි , නමුත් විඩියෝව නම් එච්චර වැදුනේ නැහැ




    11) අවසාන  ඉංග්‍රිසි ගීතය වශයෙන් තෝරගත්තෙ මේ වසරෙ අවසාන භාගයේ උන්මාදය වුනු කොලවරි ..ඩි ගීතය .  දෙමල චිත්‍රපටියක ගීතයක් වුනත් ඉංග්‍රිසියෙන් කියන නිසා මෙතනදි සටහන් කලා . මුලින්ම මේ ගීතය ඇහුවේ අනික් අය අහන නිසා රැල්ලට වුනත්  දෙතුන් පාරක් අහන කොට බොහොම සරල සුන්දරත්වයක් තියනව කියල හිතුනා






    හින්දි ගීත 


    12) හින්දි ගීත අතරින් මුලින්ම තෝරගත්තෙ මීට කලින් වතාවක් මගේ ලිපියකටත් පාදක වුනු  Dum maro Dum ගීතයේ නව නිෂ්පාදනය . පැරනි සරාගි ගීතයක් නව සංගීත නාද එක්ක අපුරුවට මිශ්‍ර වුනු අවස්ථාවක් විදිහට තමයි මේ ගීතය දකින්නේ . ගීතයේ විඩ්යෝවටත් සැහෙන්න  කැමතියි (දීපිකා පාදුකොනේ ඉන්න නිසා නෙවෙයි ඇ )






    13) ඊලඟ ගීතය වෙන්නෙ luv ka the end  චිත්‍රපටියේ තේමා ගිතය . සාම්ප්‍රදායික හින්දි සිනමාවට එහා ගිහින් තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණ බිහි කරන Y- Films සමාගමේ ලින්කුවකුත් බ්ලොග් එකේ පැත්තක එල්ලුවේ ඔය චිත්‍රපටියෙන් පස්සෙ ගීතය මේකයි






    14) ඊලඟට එන්නෙ අපේ  ජැකලින් අක්කගේ ආන්දෝලනාත්මක (ඒත් මට නම් මෙලෝ රහක් නැති ) මර්ඩර් චිත්‍රපටියේ ගීත . මුලු චිත්‍රපටියේම මට ගත යුත්තකට තිබුනේ  ඔය ගීත දෙක විතරයි . එයින් සුනිදි චව්හාන් ගායනා කරන ආ.සරා ගීතයේ ගායන ශෛලියේ තියන වෙනසට නිසා ඒකට වඩාත් කැමතියි

    Aa Zara





    Hare dil






    15) ඊලඟට තෝරගත්තේ මේ වසරේ තිරගත වුනු වෙනස්ම මාදිලියෙ හින්දි චිත්‍රපටියක් වුනු දිල්හි බෙලි චිත්‍රපටියේ ගීතයක් . චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්නව බලන්න කියල බය නැතුව නිර්දේශ කරනව . මොකද ජිවිතේටම හින්දි චිත්‍රපටියක් බලල නැති කෙනෙකුට වුනත් රසවිඳින්න පුලුවන් (හැබැයි පොඩි වුන්ට එච්චරම හොඳ නැ ) .මේ ගීතය චිත්‍රපටියේ මේ විදිහට නැ (පසුබිම් ගායනයක් විතරයි ) මේ ඒ  වෙනුවෙන්ම හදපු විඩියොවක් මම හිතන්නේ




    Movie Trailer - Delhi Belly





    16)ඊලඟට තෝරගත්තේ තවත් මම කැමතිම බොලිවුඩ් චිත්‍රපටියක ගීතයක් , ඇත්තෙන්ම මේ චිත්‍රපටියට වගේම ගීත සියල්ලටත් බොහොම කැමතියි .කැමතිම ගීත දෙක තමයි  තියෙන්නෙ





    ඔය උඩින් තියන ගීතයේ තනුව සහ ගායන ශෛලිය වගේම චිත්‍රපටියේ එන උපසිරැසි අනුව තේරුමත් ලස්සනයි . ඒ වගේම රයිම් වෙන විදිහෙ පදමාලවක් තමයි යොදාගෙන තියෙන්නෙ





    17) ඊලඟට තෝරගන්නේ වැඩකට නැති චිත්‍රපටියක ලස්සන ගීතයක් . චිත්‍රපටිය බොඩි ගාඩ් , මගෙ ප්‍රියතම ගායිකාව වුනු ශ්‍රෙයා ගෝසාල්  (සිංහල හින්දි බටහිර ඔක්කොගෙන්ම )  සහ රාෆත් අලි ගායනා කරන ගීතය මම මේ වසරේ කැමතිම වුනු හින්දි ගීත වලින් එකක් (විඩියෝව අමතක කරල සින්දුව විතරක් අහන්න )





    18) ඊලඟ එන්නෙ මම විචාරයකුත් දාපු රා. වන් චිත්‍රපටියේ ඒකෝන්ගේ ගීතය . ඒකොන් ගෙ ගීත එකකට දෙකකට හැර මම කැමැත්තක් නොදැක්වුනත් මේ ගීතයට නම් කැමතියි




    19) ඊලඟට එන්නෙ මේ දවස් වල තිරගත වෙන (මාත් බලන්න හිතාන ඉන්න ) ඩොන් 2 චිත්‍රපටියේ මම කැමතිම ගීතය




    20) අවසාන වශයෙන් තෝරගත්තේ ලබන වසරෙ එන්න තියන චිත්‍රපටියක පහල තියන ගීතය . ගීතයේ නර්ථනයට කත්‍රිනාව නම් ගැලපෙන්නෙ නැ , ඒ වුනත් ඒ ගීතයෙන් එන කික් එකට මම මාර ආසයි . කලිනුත් සඳහන් කරපු මගේ ප්‍රිය්තම ගායිකාව වුනු ශ්‍රේයා ගෝසාල් තමයි මේ ගීතයත් ගායනා කරන්නෙ , දෙව්දාස් වගේ චිත්‍රපටි වල එන රාගධාරි ගීතත් , කලින් බොඩිගාඩ් සින්දුව වගේ මෘදු  ස්වරයෙන් ගීතත් ගායනා කරපු ශ්‍රේයා ගෙන් මේ වගේ වේගවත් ගීතයක් මම අහල නැ . මෙච්චර  ඉහල රිද්මයිකින්   ගායන කරත්දී  ගීතය ගායනා කරන් ඉහල ස්වර පරාසය තුල  අකණ්ඩව රැඳි ඉන්නවාය කියන එකත් සැහෙන දක්ෂ කමක්







    ඔය තමයි මගේ කැමැත්ත තියන මතකයේ රැඳුනු මේ වසරේ අහපු සින්දු . ඔබලාගේ රසවින්දනය මීට වඩා වෙනස් ඇති , සමහර ගීත වලට ඔබත් කැමති ඇති . සමහර ගීත මුලින්ම ඇහුවේ අද වෙන්න ඇති එන්න අදහස් දක්වන්න . 

    ප.ලි - සමහර හින්දි සින්දුවල නිල වර්ශන් එක දාපු නිසා සම්පූර්න ගීතයවත් , චිත්‍රපටියේ එන සම්පූර්න විඩියෝව වත් නැතුව ඇති . එහෙම කලේ  පිටස්තර පුද්ගලයින් අප්ලෝඩ් කරන සමහර ඒවා ටික කාලයකදි බ්ලොක් වෙන නිසා

    29 comments:

    1. උඹ හිතුවයි අපිට වෙන වැඩ නැතෙයි කියලා. මේ දවස්වල අහන්නේ කොලවරි. පට්ට. පට්ට. පට්ට. අගය කිරීමට වචන නැත..

      ReplyDelete
    2. උබත් චාටර් උබේ සින්දුත් චාටර්

      ReplyDelete
    3. මේ සින්දු වලින් මම නම් වැඩියෙන්ම කැමති මර්ක් ඇන්තනි පිට්බුල් එක්ක කියන Rain Over me එකට..ඒ වගේම තවත් ආසම එකක් තියෙනවා David Guetta කියන With out you සින්දුවත් ලස්සනයි...

      http://www.youtube.com/watch?v=jUe8uoKdHao

      කොලවරී එකත් ලස්සනයි..ඇයි Sexy & I know it :P

      ReplyDelete
    4. අහපු දැකපු නැති සිංදු ටිකක් තියෙනව බලන්න ඔනෙ
      ඒත් ඉතින් මේ SLT එකේ ගොයියො ටික කැමති නැහැනෙ අපි ෆිල්ම් බලනවට සිංදු අහනවට මගේ ADSL කනෙක්ෂන් එක බල්ලො කාල මට ඩයල්-අප් වලින් අමාරුවෙන් ඉන්ටනෙට් ගිය ඒ සොදුරු අතීතය මතක් වෙනව %$#&%$@

      ReplyDelete
    5. machan oya asama sindu walin keeyak nam next year december weddith oyata asawen ahan inna puluwan wewida????B and S la kiyapu sinduwalin 80% k withara ada apita mulin ahapu taste eken ahanna puluwanda??Music entertainment and Music art kiyanne dekak oyage selection eke godak music entertainment bawa peenawa...its ok..different taste!!!!

      ReplyDelete
    6. මර්ක් ඇන්තනි කියන සින්දුව නම් ගති ඒක දැක්කෙත් අදයි . කොලිවරි ඩී එකත් නියමයි .

      අපේ පැත්තේ දැන් වාහන වල රිවස් ටෝන් එකට දාලා තියෙන්නෙත් බ්‍රෝකන් ඒන්ජල් සින්දුව

      ReplyDelete
    7. සිංහල ඒවායින් මං කැමති සියුමැලිද ගාලු ගල් කියන එකට .

      ReplyDelete
    8. මාතලන් - මම හිතුවේ වෙන වැඩක් නැ කියලනේ , එහෙනම් මාතලනුත් කොලවෙරි සාමාජිකයෙක්

      ඇනෝ - මම නම් කොහොමටත් චාටර් තමයි , සමහර විට අහන සින්දුත් චාටර් ඇති

      දිල්- ගොඩ දෙනෙක් ඒකට කැමතියි වගේ, ස්තුතියි සින්දු දෙකකුත් දුන්නාට , දෙවෙනි එක නම් කලින් අහල තියනව . අම්බානක හිට්ස් තියනව ඒකටනේ .කොලවෙරි මේ දවස් වල කාගෙත් ෆේවරිට් නෙ


      මලිත් - ඒ වුනාට ලබන අවුරුද්දෙන් ඉඳන් 2-8 ස්පීඩ් එකක් දෙනවලු , එතකොටවත් සින්දු බලමු නේ

      ඇනෝ - දීපිකා ඉන්න රීමික්ස් එකයි ,චම්මක් චලෝ එකයි වගේ ඇරුණාම අනික් හින්දු සින්දු ටික නම් ඔබතුමා කියන කාලය වෙන කොටත් අහාවි , මාක් ඇන්තනි එකයි නායර් ගේ එකයිත් අර කැමතිම එකය කියල තියන රොක් සින්දුවත් එහෙමම වේවි , සිංහල සින්දු නම් තුනම . මම සාමාන්‍යයෙන් කනට ලස්සනයි කියල හිතෙන ඕනි සින්දුවක් අහන එක තමයි කරන්නේ . එතනදි වෙස්ටර් හෝ ඊස්ටර්න් (ඉන්දියානු ) ක්ලැසික්ස් නම් ඇහෙන්නෙ අඩුවෙන් . ඒ වුනත් කෘතිමව හඳපු හඬවල් , සංගීත කණ්ඩ වලට එහා ගිය මගේ සංගීත දැනුමට අනුව සංගීතයේ හෝ ගායනයෙන් යමක් කරපු සින්දු තමයි අහන්නේ . භාතියලගෙ පලවෙනි ඇල්බම් එකේ සමහර සින්දු මම තාම්ත් අහනව . ඒත් භාතියලව කොපි කරල ආපු ගොඩක් අයගේ ගීත නම් දැන් මතක නැ . ඔබතුමා කියල තියනව වගේ රසඳතාවයන් විවිධාකාරයි , ස්තුතියි අදහසට

      හිස් අහස - බ්‍රෝකන් ඒන්ජල් නම් දැන් වැඩිපුරත් එක්ක අහල තියෙන්නෙ , කොලවෙරියටත් එහෙම වෙයි සමහරක් විට

      අසරනයා - මොකක්ද බන් ඒ සින්දුව ?

      ReplyDelete
    9. ලයිස්තුවෙ කිහිපයක්ම මමත් කැමති සිංදු. ඉතුරු ටික හැංදෑවට ආපහු අහලා Grooveshark ලිස්ට් එකටයි YouTube වල Music ලිස්ට් එකටයි දාගන්න ඕන නිසා Mark as Unread කළා.

      @Anonymous December 29, 2011 12:15 AM: ඇහෙන සිංදුවක් අහං ඉන්න පුළුවන් නං, තමන් කැමති නං අහනව මිසක් මේක සරලද, ශාස්‍ත්‍රීයද, කාගෙද, කොහෙන්ද කියල පැටිකිරිය හොයන්නෙ මක්කටැයි? ඔය සිංදු තිබුනත් එකයි නැතත් එකයි අපිට පොල් යෑ? ගඟ අද්දර හිටපු අක්කව එගොඩ කළා නං අනිත් පැත්තෙං තියල යමු, මොකටයැ කරේ තියාගෙන යන්නේ ( http://stories-shortstories.blogspot.com/2008/01/zen-story-still-carrying-her.html )?

      ReplyDelete
    10. මම නං කැමත් get on the floor. සිංහල සිංදු ගැන කියනවනං අනූ ගනං වලින් පස්සෙ අහන්න පුළුවන් සිංදු තියෙන්නෙ අතේ ඇගිලි ගානට අඩුවෙන්.

      ReplyDelete
    11. ගොඩක් සින්දු වලට මාත් ආසයි..කොලවෙරි ඒක නම් මාරයි..ඇති දෙයක් නැති උනාට එකේ මාර ෆන් එකක් තියෙනවා..
      පට්ට

      ReplyDelete
    12. මමත් අහන්න පුළුවන් හැම සිංදුවක්ම අහනවා..ආයි මොනවාද සිංහල,ඉංග්‍රීසි,BnS එහෙම වෙන් කරලා නැහැ..BnS ලා ගැන කියපු හින්දා කියන්නේ එයාලගේ පලවෙනි ඇල්බම් සින්දු මාත් තාම අහනවා..සරා සිහින ඇල්බම් එකේ සින්දු නම් මම තව අවුරුදු ගානක් අවුලක් නැතිව අහයි..මට නම් ඒකේ සින්දු ඔක්කොම වගේ එල..

      Broken Angel නම් මට පොඩ්ඩක් අවුල්..( අහලම එපා වෙලා වගේ ලයින් එකක් තියෙන්නේ..)..අනිත් සින්දු ටික එල..

      අඩේ Delhi Belly පට්ටද..මට මිස් උනා ණේ ඒක..Don එක 3D බලන්න..බැලුවට පාඩුවක් නැහැ.. ;)

      ------------------------------------------------
      මේ සින්දුව මට සෙට් උනේ ළගදී..මට නම මේක අවුලක් නැහැ..අතුල/ සමිතා ගේ සින්දුවක්..අහන් ඉන්න පුළුවන්..
      මෙන්න ලින්ක් එක

      ReplyDelete
    13. සින්දු ටික නම් හොඳයි අහන්න වෙලාව තමයි නැත්තේ. වෙලාවක අහන්නම්. කොලවරි නම් මේ දවස්වල මගේත් හොඳම.

      ReplyDelete
    14. මම මෙතනින් ගොඩක්ම ආස "තේරි මේරි" කියන සිංදුවට..

      ReplyDelete
    15. ඇයි අර අන්ධ ගෑණු ළමයගෙ "අහන් ඉන්න අහගෙන ඉන්න"

      ReplyDelete
    16. අරාෂ් ගේ Broken Angel සින්දුවයි පිට් බුල්ගේ Rain over Me සින්දුවයි නම් අහලා තියනවා. ඒ දෙක නම් නියමයි. අරාෂ් ගේ Broken Angel නම් පට්ට .

      ReplyDelete
    17. ලිස්ට් එකෙන් අහලා තියෙන්නේ කොලවරි සින්දුවයි දේදුන්න සේදී සින්දුවයි විතරයි.
      අනිත් ඒවා හෙමීට අහනන් ඕන.

      ReplyDelete
    18. budhajiwa - Grooveshark ගැන අදයි දැනගත්තේ , මං වගේම කනට ලස්සනයි කියල හිතෙන ඕනි එකක් අහන කෙනෙක් මුණගැහීම සතුටුයි

      රාජ් - මාත් කැමතිම සින්දුවක් තමයි

      ගිනි කුරුල්ලා - කොලවරි එකේ තියන අපූර්වත්වයත් ඒකම තමයි නේ

      චම්මා- සින්දු ටික ඔක්කොම කලින් අහල තියන ඒවද ? බ්‍රෝකන් ඒන්ජල් බස් අජිතගේ සින්දුවක් ගානට දැම්මනේ අපේ කට්ටිය . දිල්හි බෙලි අනිව බලන්න පට්ට කියන්නේ උපරිමයි

      මහ වෙදනා - නිදහස් වෙලාවක අහලම බලන්න , රැප් සින්දු එහෙම නම් වෙද මහත්තයට අල්ලනවද දන්නෙත් නැ

      දිනේශ්- තේරි මේරි සැහෙන්න ලස්සන සින්දුවක් , මාත් ගොඩක් කැමතියි

      ඉන්දික උපශාන්ත - එක පාරක් අහල තියනව ඔය සින්දුව

      ඉන්දික පෙරේරා - අනික්වත් අහල බලන්න , සමහර විට කැමති ඒවත් ඇති

      දුකා - දුකා අය්යා කාලෙකින් මේ පැත්තේ ආවේ , විවේක වෙලාවක අහල බලන්න කො

      ReplyDelete
    19. @බුවා: Grooveshark පට්ට සර්විස් එක!

      ReplyDelete
    20. @budhajeewa - සිරාවට , ස්තුතියි ඒක සඳහන් කලාට . මෙච්චර කල් නිත්‍යානුකුල නොවන විදිහටමනෙ සින්දු ඇහුවේ

      ReplyDelete
    21. හොඳ selection එකක්..
      මෙන්න මගේ තේරීම.......
      1) "අහන් ඉන්න.අහගෙන ඉන්න"- මේකලා ගමගේ
      2)"මේ තරම් සියුමැලිද කළුගල්" - සුනිල් එදිරිසිංහ
      3) "හද සැළුනා සියුමැලියේ" - සුගත් රාජකරුණා ?
      4) "ලොවම නිදියන රෑ" - BNS
      5) "රෑ සිහිනෙන්" - ශිහාන් මිහිරංග--(Original-නාමල් උඩුගම )

      ReplyDelete
    22. මාතලන්ගෙ 'පරෙස්සමෙන් ඔබන' සයිට් එකෙත් දාල තියෙනව හොඳ 'ඇඹරැල්ල' සිංදුවක් හෙහ් හෙහ්

      ReplyDelete
    23. තපස් - ඔයාගේ ලිස්ට් එකෙන් මම අහල තියෙන්නෙ 1,4,5 විතරමද කොහෙද , ලොවම නිදියන රැ කියන්නෙ මාගෙත් ආසම ගීතයක්

      ඔබ්සර්වර් - අප්පමපා දැන් දැක්කේ , මෙහෙ ඉතින් ඉන්ටර්නෙට් ස්ලෝ නිසා බෆර් වෙන්න දාන්න ඕනිනේ , එහෙම දාල මේ ආවේ , ඒක ගෑන අදහස එතනම කියන්නම්

      ReplyDelete
    24. කොලවරි එකට මමත් ආසයි, හොය හොය හිටියේ...බාගන්න ඕනා...

      මේ ලිස්ට් එකේ ගොඩක් සින්දු මං අහලත් නෑ... අපේ රස වින්දනය වෙනස් නිසා වෙන්නැති...

      සිංහල සිංදු වලින් වැදුනේ...
      මීවිත පිරුනා මැදියම් රෑ... හා සාගරේ තරම් ආදරේ අරන්... ගීත දෙක.

      අරාෂ් ගේ pure love එකටත් කැමතියි...

      මම මේ දවස්වල කැමති classic style modern Music වලට

      ReplyDelete
    25. සිහිනයට තරම් - කසුන්
      අතුල සමිතා - ආලෙන් වෙලා ගන්න
      ඩැඩී - මගුල් සිංදුව
      මෙව්ව මම අහපු හොඳ එව්වා,
      තව ඉරාජ් ගේ පොලිසිය,
      දහසින් බැඳි පෙම් සිතුවිලි
      ඉංගිරිස් අලුත් ඒවා අහන්නෙ නැති තරම්
      ඒත් වී ස්පීක් නෝ ඇමරිකානෝ නියමයි....

      ReplyDelete
    26. ගීත එකක් දෙකක් ඇරුණාම අනික්වා උපරිමයි [මට සාපේක්ෂව :)]

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...