බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Thursday, May 17, 2012

    ෆොන්සේකා මහතාගේ නිදහස ...

    ක්ෂණික ප්‍රතිචාර : 
    සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත . ෆොන්සේකා මහත්මිය සහ ටිරාන් අලස් මන්ත්‍රිවරයාට අනුව ඒ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත්වී ද   නොමැත . ෆොන්සේකා මහතාගේ දේශපාලනය සමඟින් එකඟතාවයක් නොමැති එහෙත් රටට මහඟු සේවයක් කල මිනිසෙක් සිර දඬුවම් විඳීම පිලිබඳව කණගාටුවෙන් පසුවූවන් පවා  ෆොන්සේකා මහතාගේ දේශපාලනික අනුගාමිකයින් තරමටම සතුටු වනවා නිසැකය


    . සොරුන් මිනිමරුවන් දූෂකයින් නිදහසේ සැරිසරනා සමාජ වටපිටාවක ෆොන්සේකා පමණක් සිරගත කොට තැබීමෙ අසාධරණය අවසන් වීම නිමිත්තෙන් සතුට පලකීරිමක් ලෙස මෙසේ කෙටියෙන් හෝ යමක් සටහන් කල යුතුව ඇත

    ෆොන්සේකා මහතා නිදහස කිරීම පිටුපස ක්‍රියාත්මක වන දේශපාලනික ක්‍රියාදාමයන් පිලිබඳ නොයෙක් ආකාරයේ විවිරණ ඇතත් මේ මොහොතේ ඒ පිලිබඳ අදහස් දක්වීමට  වඩා නිහඬ නිරීක්ෂනය වඩා උචිතය . එනිසා ෆොන්සේකා නිදහස් කිරීම එහි  දේශපාලනික වටපිටාවෙන් ස්වායක්තව සලකා ජනපතිවරයාට හා ටිරාන් අලස් මන්ත්‍රිවරයාට ස්තුතියක් පුද කිරීමේ හැකියාවක්ද නැතුවා නොවේ !

    Sunday, May 13, 2012

    නාමේ නොදිරනා !

    ක්ෂණික ප්‍රතිචාර : 


    බ්ලොග් අවකාශයේ හමුවූ සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !


    කිසි දිනෙක මුණ ගැසී , සිනහා වී , කථා බහ කර නැතත් ඔබගේ වියෝව  හදවත තුල ජනිත කරන සංවේගය සයිබරය තුලින් ඔබ දැක්වූ මිත්‍රත්වයේ මහිමයේ සලකුණක් .

    //පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා// 

    වාද විවාද වලට මැදි නොවු , හිතහොඳ මිනිසෙකු  අතින් වාද විවාද මැද්දේදි නිරන්තරයෙන් ලියැවුනු සටහනක් ! . ඔබා අය්යේ නුඹගේ සටහන් හරහා නුඹ තුල වූ සොඳුරු මිනිසාව කියැවූ ,සිංහල බ්ලොග් කරුවන්/ කාරිනියන් අතරේ ඔබගේ මතකය සදා අමරණීයයි !

    ----------------------------------------------------------------------------------------------------------------------

    ////මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?//


    //ලංගම බස් වලට, අයින් කරපු බස් වල කොටස් හයි කරන එක නම් හුඟාක් කාලෙක ඉඳන් කෙරුන වැඩක්, ඒ කියල ලංගමට අපහාසෙ දාන්න එපා බුවා {:-)//

                             
                             - නුඹගේ මේ කමෙන්ටුවලට උත්තර දෙන්නට නම් මම පමාවුනා වැඩියි අය්යේ





    Related Posts Plugin for WordPress, Blogger...